තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි… කොරෝනා ආසාදිත බව හෙලිව ඇත්තේ මරණ පරීක්‍ෂණයේදී - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 1, 2020

තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි… කොරෝනා ආසාදිත බව හෙලිව ඇත්තේ මරණ පරීක්‍ෂණයේදී

කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයෙකු වැලිසර ලය රෝහලේදී මරණයට පත් වී තිබේ.

මෙම පුද්ගලයා මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි.

ඔහු පසුගිය 23 වන දා අධික රුධිර පීඩනය සහ ස්වසන රෝග තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත වී තිබිණි.

එහිදී සිදුකරන ලද පරීක්ෂාවේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු නොවන බව හෙලි වී ඇත.

නමුත් 31 වැනි දින මියගිය පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී කරන ලද පරීක්ෂණයේ දී ඔහු කොරෝනා ආසාදිත ලෙස හඳුනාගෙන ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි


No comments:

Post a Comment

Post Bottom Ad