සමාජ ජාලා කැළඹූ පින්තූරය ලීක් කරේ පාටලීගේ ලේකම්? රහස් පොලීසියට කැදවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 16, 2020

සමාජ ජාලා කැළඹූ පින්තූරය ලීක් කරේ පාටලීගේ ලේකම්? රහස් පොලීසියට කැදවයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතා සහිත පින්තූරයක් සමාජ ජාලාවල පළ වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ඇත.අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා ඇතැයි ඔහු තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත.

එකී පින්තූරය තමන් විසින් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක් නොවන බවත් එය කිසියම් අයෙකුගේ සමාජ ජාල ගිණුමකින් උපුටා ගන්නා ලද්දක් බවත් ඔහු සඳහන් කර තිබේ.

එකී ඡායාරූපය සංස්කරණය කරන ලද්දක් යයි තමනට හැඟී නොයන බවද ඔහු සඳහන් කර තිබේ.

ඔහු සිය මුහුණු පොතේ එය මෙසේ සදහන් කර තිබුනි



No comments:

Post a Comment

Post Bottom Ad