කොළඹින් කොරෝනා මර්දනය කරන්න අවශ්‍ය නම් මහ නගර සභා බලප්‍රදේශය සති තුනකට වහන්න - රෝසි ආණ්ඩුවෙන් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 16, 2020

කොළඹින් කොරෝනා මර්දනය කරන්න අවශ්‍ය නම් මහ නගර සභා බලප්‍රදේශය සති තුනකට වහන්න - රෝසි ආණ්ඩුවෙන් ඉල්ලයි

අවම වශයෙන් සති තුනක්වත් කොළඹ මහ නගර සභා බලප්‍රදේශය ලෝක ඩවුන් කර දැඩි සංචරණ සීමා පනවා කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය වන ලෙස කටයුතු කරන්නැයි කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. 
එලෙස එලෙස දැඩි පාලනයකට යටත් නොකළොත් එයින් සිදුවන්නේ රටේ වෙනත් ප්‍රදේශවලටත්  ව්‍යාප්ත වීම බව පුරපතිනිය  පෙන්වාදෙයි.

''අපි දැඩි සංචරණ සීමා දාලා නගරය දැඩි පාලනයකට යටත් කරලා කිසිකෙනෙකුට නගරයට ඇතුළු නොවන විදිහටත් කිසිකෙනෙකුට හුදකලා කරපු තැන්වලින් එළියට බහින්න බැරිවෙන විදිහට දැඩි පාලනයක් යටතේ මේක පාලනය කරේ නැත්නම් ලොකු ව්‍යවසනයකට අපිට මුහුණ දෙන්න සිදුවෙනවා. මේක කියන්න ප්‍රධානතම  තමයි ඊයේ මට්ටක්කුලිය ප්‍රදේශයේ සමහර තැන්වල නිරෝධායනයට ලක්කරපු පවුල්වල අය නිවෙසින් බැහැරව රැකියා ස්ථානවලට යනවා කියන එක අපිට හඳුනගන්න ලැබිලා තියෙනවා.  මරණ සංඛ්‍යාව එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. කොළඹ නගර සභා සීමාව තුළ ජීවත්වෙන වයස්ගත පුද්ගලයින් ප්‍රමාණය  වැඩියි. ඒ අයව බේරගන්න පුළුවන්කමක් තියෙනවාද කියන එකත් අද ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. අඩුම ගානේ සති තුනක් දින 14ක් 21 ක් අතර අපි හරියට ලෝක ඩවුන් කරලා දැඩි පාලනයක් යටතේ කටයුතු කළේ නැත්නම් රටේ අනෙකුත් තැන්  බෝවෙන්න ප්‍රවණතාවක් ඇතිවෙන්න පුළුවන්.'' යනුවෙන් රෝසි සේනානායක මහත්මිය කරුණු දක්වයි.    

No comments:

Post a Comment

Post Bottom Ad