ලංකාවට කොරෝනාව නසන එන්නත ලංකාවට - මිල මෙන්න : coronavirus vaccine - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 10, 2020

ලංකාවට කොරෝනාව නසන එන්නත ලංකාවට - මිල මෙන්න : coronavirus vaccine


කොරෝනා වයිරස සඳහා එන්නතක් හෝ එන්නත් කිහිපයක් ලබන අවුරුද්දේ මැද භාගය පමණ වන විට ජනතාව සදහා සූදානම් වූ ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

නමුත් එම එන්නතක් ලබා ගත්තද එහි ප‍්‍රතිශක්තිකරණය රඳා පවතිනු ඇත්තේ වසරක් හෝ වසර එකහමාරක් පමණ කාලයකට පමණක් බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් හෙලිවී ඇතැයිද ඔහු පැවසීය.

එම එන්නත් වලින් යම්කිසි ප්‍රමාණයක් අපේ රටට ප්‍රදානයක් ලෙස ලැබෙනු ඇතැයිද ඔහු කියා සිටියේය.

දැනට පවතින තත්ත්වය අනුව එම එක් එන්නතට මිල ගණන් රුපියල් එක්දහස් පන්සියයක් 4500ක් අතරත් වන මිල ගණන් වනු ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් එන්නතක් මත ප්‍රමුඛතාවය දීම වෙනුවට ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීමට ප්‍රමුඛතාව දිය යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad