බෑග් බෝයි කෙනෙකුට කොරෝනා.. ඔහු LPL යන්න සිටි අයෙක්.. ජාතික ක‍්‍රිකට් කණ්ඩායම කැළඹේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 17, 2020

බෑග් බෝයි කෙනෙකුට කොරෝනා.. ඔහු LPL යන්න සිටි අයෙක්.. ජාතික ක‍්‍රිකට් කණ්ඩායම කැළඹේ !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ රැගෙන යන පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ක‍්‍රීඩා භාණ්ඩ රැගෙන යන්නෙකු ලෙස කටයුතු කරන පුද්ගලයකි.

මේ හේතුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

ආසාදිත පුද්ගලයා කොළඹ නගර සභා සීමාවේ පදිංචිකරුවෙකි වන අතර ඉදිරි සතියේ ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක සේවයට යෑමට නියමිතව සිටි පුද්ගලයෙකි.

ඊට පෙර සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයේදී ඔහු ආසාදිත යයි හෙලි වී තිබේ.

මෙම ආසාදිතයා හඳුනාගැනීමත් සමඟ පල්ලෙකැලේ පුහුණුවකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයයේ නිලධාරීන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු හෝටල් කාමරයක නිරෝධායනය කර තිබේ.

කෙසේ නමුත් ආයතනය උසස් නිළධාරියෙකු සඳහන් කළේ මෙම ආසාදිතයා හඳුනාගෙන තිබීම ජාතික කණ්ඩායමට ප්‍රශ්නයක් නොවන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad