PCR යන්ත්‍රයේ දෝෂය බොරුවක් – හේතුව පී.සී.ආර්. කට්ටලවල හිඟ වීමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 16, 2020

PCR යන්ත්‍රයේ දෝෂය බොරුවක් – හේතුව පී.සී.ආර්. කට්ටලවල හිඟ වීමයි

මුල්ලේරියාව මූලික රෝහලේ පී.සී.ආර්. (PCR) යන්ත්‍රයේ කිසිදු දෝෂයක් නොමැති බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පවසන්නේ රෝහලේ පී.සී.ආර්. මෙහෙයුම් අඩපණ වීමට හේතුව පී.සී.ආර්. කට්ටලවල හිඟය (shortage of testing reagents) බවයි.

මෑත සතිවලදී වේගවත්ව සිදුකරන ලද පරීක්ෂණ හේතුවෙන්​ මෙලෙස පරීක්ෂණ කට්ටල හිඟවී ඇතැයිද තානාපති කාර්යාලය පෙන්වා දෙනවා.

පී.සී.ආර්. කට්ටල ගෙන්වීම වෙනුවෙන් නව ඇණවුමක් ලබාදී ඇතැයිද තානාපති කාර්යාලය සිය පණිවිඩයේ සඳහන් කර තිබෙනවා.

නව ඇණවුමක් ලබාදී ඇති අතර අන්තර්ජාතික සැපයුම් මත පදනම්ව එය දින 3-4කින් පැමිණෙනු ඇත යැයි එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වනවා.

මුල්ලේරියාව රෝහලේ PCR යන්ත්‍රය නැවත වතාවක් අක්‍රිය වී ඇති බව රෝහල් ප්‍රකාශයන් උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කර තිබුනා.

කොළඹ චීන තානාපති කාර්යාලය මැදිහත්ව ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මෙම ට්විටර් පණිවිඩය නිකුත් කර තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad