කොරියා රස්සා පෙන්වා කරන මිලියන ගණනක අලුත්ම ගැහිල්ල පොලිසිය හොයාගනී - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 2, 2020

කොරියා රස්සා පෙන්වා කරන මිලියන ගණනක අලුත්ම ගැහිල්ල පොලිසිය හොයාගනී - (video)

කොරියානු රැකියා ලබා දෙන මුවාවෙන් මිලියන ගණන් මුදල් වංචා කිරීමේ අලුත්ම මෙහෙයුමක් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

තොරතුරු හා මාධ්‍ය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව අනාවරණය කර සිටියේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ කොරියා රැකියා ලබා දෙන බව පවසමින් මාධ්‍ය නිවේදන නිකුත් කොට මෙම වංචාව සිදු කිරීමට පියවර ගෙන ඇති බවකි.

ඉන් අනතුරුව අදාළ ඉල්ලුම්කරුගේ සියලුම තොරතුරු ගෙන්වාගෙන බැංකු ඇපකරයක් තැන්පත් කරන ලෙසත්, පසුව ඉල්ලුම්කරුගේ සියලුම තොරතුරු වංචාකරුවන් සතුව ඇති බැවින් බැංකුවට කතාකොට සියලු තොරතුරු ලබා දී යළි නව රහස් අංකයක් ලබාගෙන අදාළ බැංකු ඇපකරයෙන් මුදල් ලබා ගන්නා බවත් ඒ මහතා අනාවරණය කළේය.

මේ ආකාරයට වංචාකරුවන් රුපියල් මීලියන ගණනින් මුදල් වංචා කොට ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad