ලංකාවට එරෙහි ජිනීවා වාර්තාව දරුණු වෙයි.. සම්බාධක පනවන්නැයි යුධ අපරාධ අධිකරණයට දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 27, 2021

ලංකාවට එරෙහි ජිනීවා වාර්තාව දරුණු වෙයි.. සම්බාධක පනවන්නැයි යුධ අපරාධ අධිකරණයට දන්වයි

කොටි සංවිධානය සමඟ පැවැති යුද්ධයේදී සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හමුදා නිලධාරීන්ට සම්බාධක පනවන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය අන්තර්ජාතික අපරාධ අධිකරනයෙන් ඉල්ලා තිබේ.

යුද්ධයේ අවසන් අදියරේ දී මියගිය දහස් ගණන් සිවිල් වැසියන්ට සාධාරණය ඉටු කිරීම සඳහා වූ පොරොන්දු ප්‍රතික්ෂේප කර ඇතැයි ද මහකොමසාරිස්වරිය චෝදනා කර ඇත.

මෙවර ජිනීවා කොමිසමට ඉදිරිපත් කිරීම සඳහා සකස් කරන ලද වාර්තාවේ ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙර පැවති ආණ්ඩුව යටතේ ලබා තිබූ ඇතැම් ප්‍රගතිය වත්මන් ආණ්ඩුව විසින් ආපසු හරවා ඇති බවද එම වාර්තාවෙන් චෝදනා කරයි.

ප‍්‍රධාන පෙලේ ජාත්‍යන්තර මාධ්‍ය විසින්ද මේ බව වාර්තා කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad