වත්මන් ආණ්ඩුව පිහිටවූයේ හොරකම් කිරීමට නොව හොරකම් නැවැත්වීමට වන හෙයින් මේ ආණ්ඩුවේ කවරෙකු හෝ එවන් අකටයුත්තක් කරන්නේ නම් ඊට විරුද්ධව තමන් නැඟී සිටින බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
"අර එක්සත් ජාතික පක්ෂයේ හොර තක්කඩි ටික පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරනවා, සීනි හොරකම් කරාලු, සිගරට් ගෙනාවලු.
මං එදා ජනතා විමුක්ති පෙරමුණට කිව්වා සඳුදා උදේ වෙනකොට පුළුවන් නම් සීනි වංචාවෙ ෆයිල් එක මට ගෙනත් දෙන්න කියලා, හොරකමක් වෙලා තියෙනවා නම්. මම කිව්වා තමුසෙලා යන්න ඕනෙ නෑ අල්ලස් කොමිසමට, අපි යනවා අල්ලස් කොමිසමට.
ගෝඨාභය මහත්තයාට ඡන්දෙ දුන්නෙ හොරකම් කරන්න නෙවෙයි, හොරකම නවත්තන්න. ඒ නිසා මේ ආණ්ඩුව ඇතුළෙ කවුරුහරි එවැනි අකටයුත්තක් කරනවා නම් ඒකට විරුද්ධව හිටගන්න අපි ලෑස්තියි. ඒ නිසා ජනාධිපතිතුමාගෙ ආශිර්වාදයෙන් ඒකට විරුද්ධව වෙනම අපි පෙළගැහිලා ඉන්නවා. දැන් අපි කිව්වා සඳුදා වෙනකොට ලිපිගොනු ටික අපට දුන්නැත්නම් අපි ගිහිල්ලා පැමිණිල්ලක් දානවා සීනි වංචාවක් වෙලා තියනවා නම් හොයලා බලන්න කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති පාක්ෂිකයින්ගේ රැස්වීමක් අමතමිනි.
No comments:
Post a Comment