රවී අපිට කීයටවත් එපා - සමගි ජන බලවේගයෙන් තීන්දුවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 23, 2021

රවී අපිට කීයටවත් එපා - සමගි ජන බලවේගයෙන් තීන්දුවක් !

හපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වූ රවි කරුණානායක මහතාව සමගි ජන බලවේගයට සම්බන්ධ කර ගැනීමට හෝ ඔහු සම්බන්ධ දේශපාලන හෝ සමාජ ව්‍යාපාරයක් සමඟ සම්බන්ධ වීම සමගි ජන බලවේගය ප්‍රධානීන් ප්‍රතික්ෂේප කොට තිබේ.

මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්කම මුල්කොටගෙන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග මතවාදී අරගලයක නියැළී සිටින කරුණානායක මහතා දිගින් දිගටම පක්ෂයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වීම ද මගහරිමින් සිටී.

කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයට එකතු වීමට කරුණානායක මහතා තුළ බලාපොරොත්තුවත් තිබෙන බව දේශපාලන ආරංචි ආරංචි මාර්ග පෙන්වා දෙන මුත් එම ව්‍යාපාරය ද සජිත් ප්‍රේමදාස මහතා සමග සම්බන්ධ වී වැඩකටයුතු කිරීමට දැනටමත් තීරණය කොට තිබේ.

මෙම තත්ත්වය තුළ කරුණානායක මහතා එම ව්‍යාපාරයට සම්බන්ධ වුවහොත් ඊට සමගි ජන බලවේගය සම්බන්ධ වීම් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතුවන බව සමගි ජන බලවේගය ජේෂ්ඨයන්ගේ මතය වේ.


No comments:

Post a Comment

Post Bottom Ad