ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලා ඇල ගුණා, බුම්බා ඇතුළු පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 1, 2021

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලා ඇල ගුණා, බුම්බා ඇතුළු පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරන ලද රතු නිවේදනයකට අනුව ජාත්‍යන්තර පොලිසියසහ ඉන්දියානු පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමකදී ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇල ගුණා සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බව  මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

මිට අමතරව පාතාල වෙඩික්කරුවකු වූ "බුම්බා" යන අනවර්ථ නාමයෙන් හඳුන්වන පාතාල සාමාජිකයෙකු ද අත්අඩංගුවට ගෙන් ඇති බවයි අමාත්‍යවරය සඳහන් කලේ.

ඉදිරියේ දී විදේශ රටවල සැඟවී සිටින පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර ප්‍රකාශ කර සිටියේ.


No comments:

Post a Comment

Post Bottom Ad