රට නොවසා කොරෝනා පාලනය කල යුතුයි.. වැසූ දින 04 පාඩුව කෝටි 6000යි - අජිත් නිවාඩ් කබ්රාල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 18, 2021

රට නොවසා කොරෝනා පාලනය කල යුතුයි.. වැසූ දින 04 පාඩුව කෝටි 6000යි - අජිත් නිවාඩ් කබ්රාල්

රට පුරා දින 4ක කාලයක් සංචාරණ සීමා පැනවීම හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදූ කෝටි 6000 ඉක්මවූ පාඩුවක් සිදුව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

එම තහනම හේතුවෙන් දළ දේශීය නිෂ්පාදනය සඳහා දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500 ඉක්මවන බවද ඔහු පැවසීය.

ඒ අනුව දින දහයක් රට වසා දැමුවොත් රුපියල් බිලියන 150ක් අහිමිවුණු ඇති බව ගණන් බලා ඇතැයිද ඒ මහතා කියා සිටී.

ශ්‍රී ලංකාව කුඩා ආර්ථිකයක් සහිත රාජ්‍යයක් නිසා රට නො වසා කොරෝනා කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළට ගමන් කිරීමත් ඉතාම වැදගත් බවත් මේ අවස්ථාවේ වැසිය යුත්තේ රට නොව ජනතාවගේ කට බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad