හමුදා රෝහල්වලදි විදිනවානම් කොරෝනා එන්නත අපට එපා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, February 19, 2021

හමුදා රෝහල්වලදි විදිනවානම් කොරෝනා එන්නත අපට එපා !

කිසිදු හමුදා රෝහලකින් තම පක්ෂයේ මන්ත්‍රීවරුන් කොරෝනා එන්නත ලබා නොගන්නා බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතා සඳහන් කරයි. තමන් සහ තම පක්ෂයේ අනෙක් මන්ත්‍රීවරයාද මෙම ස්ථාවරයේ සිටින බවත් දෙමළ ජාතික සන්ධානය ද මේ ස්ථාවරය සිටීමට ගන්නා ලද තීරණය කෙරෙහි සතුටු වන බවත් ඔහු පවසයි.

දෙමළ දේශපාලන පක්ෂ හමුදා නිලධාරීන් හෝ හමුදා නිලධාරීන් සමඟ කිසිම සම්බන්ධයක් පැවැත්වීමට අකමැති බව පවසන මන්ත්‍රීවරයා එන්නත සඳහා රජයේ රෝහල් අවශ්‍ය තරමට තිබියදී හමුදා කඳවුරුවලදී එන්නත ලබාදීම අනුමත නොකරන බවද කියා සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad