කාටත් කලින් මැති ඇමතීන්ට කොවිඩ් එන්නත දෙන්න යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 1, 2021

කාටත් කලින් මැති ඇමතීන්ට කොවිඩ් එන්නත දෙන්න යයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම තමාගේ වගකීම බවත් ජනතාව සමඟ නිරන්තරයෙන් ගැටෙන මන්ත්‍රීවරුන්ටද ප්‍රමුඛත්වය දක්වා එන්නත ලබා දීම වැදගත් බවත් හෙතෙම සඳහන් කළේය.

එසේ කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ ආරක්ෂාවටද වැදගත් වනු ඇති බවද කතානායකවරයා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුවේ වෛද්‍යවරුන් දෙදෙනා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද ඊයේ(01) කොවිඩ් මර්දන එන්නත ලබා ගෙන තිබේ.

මේ අතර ඊයේ (01) දිනය තුළ 36,396 දෙනෙකුට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

ඒ අනුව ඊයේ වන විට  95,550 දෙනෙකුට මෙලෙස එන්නත ලබාදුන් බව එම නිවේදනයේ සඳහන් වේ.


No comments:

Post a Comment

Post Bottom Ad