ECT විකුණන්න නොදුන් නිසා කුමන්ත‍්‍රණයක්.. පොහොට්ටුවෙන් විමල්ට පහර දීම සදාචාර විරෝධීයි - ඇල්ලේ හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 9, 2021

ECT විකුණන්න නොදුන් නිසා කුමන්ත‍්‍රණයක්.. පොහොට්ටුවෙන් විමල්ට පහර දීම සදාචාර විරෝධීයි - ඇල්ලේ හිමි

ත්මන් රජය බලයට පත් කරනු ලද්දේ ජාතික බලවේග විසින් බවත් අදටද රජය හා ජාතික සම්පත් ආරක්ෂා කිරීමට එම බලවේග කටයුතු කරමින් ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කරති. එනිසා ජාතික බලවේගයට නම්‍යශීලී දේශපාලන පක්ෂ ඇතුලේ කුමන්ත්‍රණ ඇතිකිරීමට විදෙස් බලවේග කටයුතු කරමින් ඇතැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

නැගෙනහිර ජැටිය විදේශයකට ලබා නොදී රජය යටතේ තබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් විදේශීය ඔත්තු සේවා මෙරට ඉතා සක්‍රියව ක්‍රියාත්මක වෙමින් ඇතැයි ද ක්‍රියාත්මක වෙමින් ඇතැයි ද පැවසූ උන්වහන්සේ මානව හිමිකම් කොමිසමේ මීලග සැසිය ද ඊට හේතු වී ඇතැයිද කීහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවා අමාත්‍ය විමල් වීරවංශ මහතාට පහර ගැසීම සදාචාර විරෝධී එකක් ඒ ද උන්වහන්සේ පැවසූහ.

මහින්ද රාජපක්ෂ මහතාද පෙරමුණේ තබාගෙන අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට ඇතැයි ද කී එහිමියෝ කිසිම පුද්ගලයකු මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරන්නේ යයි තමන් නොසිතන බවද සදහන් කරති.

මහින්ද රාජපක්ෂ මහතා භාවිතා කර කිසිවකු වූ වෙනස් මතයක් ඇදීමට උත්සාහ කරන්නේ නම් එයට දැඩිව විරුද්ධ වන බව ද පැවසූ උන්වහන්සේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම පාවිච්චි කර අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරන්නැයි අනෙක් අයගෙන් ඉල්ලා සිටින බවද පැවසූහ.

තමා විහාරස්ථානයේදී මාධ්‍ය අමතමින් ඒ හිමියෝ මේ බව කියා සිටියහ.


No comments:

Post a Comment

Post Bottom Ad