ඉන්දීය ජාතිකයින් ලංකාවේ දී නිරෝධායනය කිරීමේ සැලසුමක් ගැන මන්ත්‍රී කාවින්දගෙන් හෙළිදරව්වක්..! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 26, 2021

ඉන්දීය ජාතිකයින් ලංකාවේ දී නිරෝධායනය කිරීමේ සැලසුමක් ගැන මන්ත්‍රී කාවින්දගෙන් හෙළිදරව්වක්..!

අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් ඉන්දීය ජාතිකයින්ට මෙරට තුළ නිරෝධායනයවීමට අවස්ථාව ලබාදී විදෙස් රටවලට පිටත්කර යැවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කාවින්ද ජයවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

“ඉන්දියානු ජාතිකයන්ට සිංගප්පූරුවේ, සෞදියේ රැකියාවට යනවා නම් වෙනත් රටක නිරෝධායනය වෙන්න අවශ්‍යයි. මේක හඳුනා ගත්තු ලංකාවේ ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රබල නිලධාරියෙක් මේවා ව්‍යාපාරයක් කරගන්න හදලා. මේකෙ ගො දු රු වෙන්නේ ලංකාවේ ජනතාව. ඒකේ වගකීම භාර ගන්නේ කවුද?”

එහිදී අදාළ දැන්වීම පළකර ඇති ආයතනයේ සේවකයෙකු සමග පැවැත් වූ දුරකථන සංවාදයක් ද කාවින්ද ජයවර්ධන මහතා මාධ්‍යට නිකුත් කළේය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් ‘අද දෙරණ’ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතාගෙන් විමසීමක් කළේය.

ඊට ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි,

“සිවිල් ගුවන් සේවයට එහෙම චෝදනාවක් එල්ල කරන්න බෑ. හැබැයි අපිට ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න පුළුවන්. අපි නිරෝධායනය කියලා වෙනම පහසුකමක් දීලා නෑ.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (27) දිනයේදී සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රජ‍යේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

“රජය ලබා දී තිබෙන අනුමැති අයථා ලෙස යොදාගෙන වෙනත් රටවල පිරිස් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙලක් මේ ආකාරයෙන් සිදුවෙනවද කියලා සොයා බලන්න ඕනේ,” යනුවෙන් ද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad