තමාගේ ගමනට බාධා කරන පුද්ගලයින් ඇත්නම් පක්ෂයෙන් ඉවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටි.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසූවේ හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට එක්වෙමිනි.
අතීතයේ මෙන් තමන්ගේ වැඩවලට බාධා කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බවත් තමා වැඩ කිරීමේදී කකුලෙන් ඇද්ද බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.
"මම මෙතෙක්කල් දේශපාලනය කළේ විවිධ ප්‍රශ්න මැද්දේ. මට වැඩක් කරන්න දුන්නේ නෑ. මගේ කකුලෙන් ඇද්දා. මට අවහිර කළා. මං පැහැදිලිවම එක දෙයක් කියන්න ඕනේ. ඔය මොන ප්‍රශ්න තිබුණත් මට ජනතාවට වැඩ කරන්න උදව් කරපු එක මනුස්සයෙක් හිටියා. ඒ තමයි හිටපු ජනාධිපතිතුමා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි මට පුළුවන් තරම් හයිය දුන්නේ. දැන් මගේ පක්ෂය ඇතුළත කාටවත් බෑ මගේ කකුලෙන් අදින්න. එහෙම ඉඩ දෙන්නෙත් නෑ. එහෙම කකුලෙන් අදින කට්ටියට පුළුවන් පිටතට ගිහිල්ලා තම තමන්ගේ දේවල් ටික කරගන්න."
No comments:
Post a Comment