කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් තිබෙන නෞකාවේ අද උදෑසන පිපිරීමක් සිදුව තිබෙනවා. මේ නිසා නෞකාවේ තිබූ බහාලුම් 08 ක් මුහුදට වැටී ඇති අතර මේ නිසා අවදානම් තත්වයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ. ඊට හේතු වී තිබෙන්නේ අදාල බහාලුම්වලින් 03 ක epoxy resin නමැති රසායනික ද්‍රව්‍යය අඩංගු වීමයි. මෙම තත්වය මත කළුතර සිට මීගමුව දක්වා වෙරළ තීරයේ සිටින ජනතාවට බලපෑමක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
epoxy resin රසායනිකය හේතුවෙන් ශ්වසන අපහසුතා ඇතිවිය හැකි බවත් අදාල රසායනිකය ශරීරයේ ගෑවුනහොත් ආසාදන ඇතිවිය හැකි බවත් වාර්තා වේ. රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටී.


No comments:
Post a Comment