දැන් හමුදාපති ඇති… සෞඛ්‍ය අංශවලට වගකීම භාර දිය යුතුයි – ඩිලාන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 25, 2021

දැන් හමුදාපති ඇති… සෞඛ්‍ය අංශවලට වගකීම භාර දිය යුතුයි – ඩිලාන්

හමුදාපති වරයාගේ භූමිකාව මේ මොහොතේ සෞඛ්‍ය බලධාරීන්ට ඉඩදියයුතුයැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලයිස්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (24) හිරු රූපවාහිනී නාලිකාවේ පැවති සලකුණ වැඩසටහනට එක්වෙමිණි.

එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී ඩිලාන් පෙරේරා…

“හමුදා පතිවරයා කියනඑක වෙනුවෙන් මට පෙනී ඉන්න බැහැ. මොකද එතුමා හමුදාපතිවරයා. මේ කොවිඩ් රැල්ල පළවෙනියට ආපු වෙලාවේ එහෙම හමුදාවේ රණවිරුවොත් එක්ක එතුමා යම් වැඩකොටසක් එහෙම කළා.

දැන් මෙහෙමයි. වසංගත තත්වය අලුත් එකක් නේ. මට හිතෙනවා, සෞඛ්‍ය බලධාරීන් නොවන බලධාරීන්ටත් කරන්න පුළුවන් සීමාව දැන් උපරිමේ කරල තියෙන්නේ කියලා. මම හිතනවා දැන් තියෙන්නේ සෞඛ්‍ය බලධාරීන් සහ කැබිනට් මණ්ඩලය, රටේ ප්‍රධාන තීන්දු ගන්නා ආයතනය හැටියට ඒ දෙගොල්ලො එකතුවෙලා දැන් වහ වහා තීන්දු ගතයුතුයි.”

No comments:

Post a Comment

Post Bottom Ad