මුහුදු මාර්ගයෙන් රැගෙන ආ හෙරොයින් කිලෝ 200ක් අල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 12, 2021

මුහුදු මාර්ගයෙන් රැගෙන ආ හෙරොයින් කිලෝ 200ක් අල්ලයි

ගෑස් සිලින්ඩර් සහ ගෝනිවල අසුරා මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන පැමිණි හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ. අද (13) අලුයම වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේදීයි මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයා ගැනුණි.

රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව නාවික හමුදා වෙරළ ආරක්ෂක බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැටලීම සිදුකර තිබේ.   

එහිදී සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.






No comments:

Post a Comment

Post Bottom Ad