සදුදා සංචරණ සීමා ඉවතට - පොසොන් පොහොයට නැවත වසයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 18, 2021

සදුදා සංචරණ සීමා ඉවතට - පොසොන් පොහොයට නැවත වසයි

දැනට පවතින සංචරණ සීමා එළඹෙන විසි එක් වන සඳුදා අලුයම 04.00 අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව දැඩි සෞඛ්‍යය මාර්ගෝපදේශ මත වෙළඳසැල් විවෘත කිරීමට අවසර හිමි වේ.

කෙසේ වෙතත් පළාත් අතර සංචාරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජනතා එක්රැුස්වීම්, උත්සව, සාද තවදුරටත් තහනම් වන අතර රාජ්‍ය සේවාව නිවෙස්වල සිට රාජකාරී ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මකය.

පොසොන් පොහොය යෙදී ඇති කාල සීමාවේ එනම් 23 දා රාත්‍රී 10.00 සිට 25 වන දා අලුයම 4.00 දක්වා නැවතත් රට පුරාම සීමා ක්‍රියාත්මක කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad