කොළඹ වරායෙන් පිටත් වූ නෞකාවක ඉන්ධන කාන්දුවක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 18, 2021

කොළඹ වරායෙන් පිටත් වූ නෞකාවක ඉන්ධන කාන්දුවක් !

කොළඹ වරායෙන් පිටත් වූ නෞකාවක ඉන්ධන කාන්දුවක් හටගෙන තිබෙනවා.

මේවන විට මෙම නෞකාව ඉන්දියාවේ හල්දියා වරාය වෙත ගමන් කරමින් තිබෙන බවයි වාර්තා වන්නේ. අදාළ නෞකාව භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බව සඳහන්.

නෞකාවේ ඉන්ධන ටැංකියට හානි සිදුවී ඇති බවත්, මේ හේතුවෙන් අදාළ ඉන්ධන කාන්දුව සිදුවෙමින් පවතින බවත් වාර්තා වූවා.

මේවන විටත් නෞකාවෙන් ඉන්ධන ලීටර 10,000ක් පමණ සාගර ජලයට එක් වී තිබෙනවා.

 "එම්.ඩී. ඩෙවෝන්" නමැති මෙම නෞකාව පෘතුගාලයේ ලියාපදිංචි කර ඇති බව පැවසෙනවා.

නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට කොළඹ වරාය විසින් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය දැනුවත් කිරීමට ද ක්‍රියා කර තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad