අගෝස්තු-සැප්තැම්බර් වෙද්දී රට පුරා මිනී කදු ගොඩගැසේවි..- රට වසා දමන්නැයි දැඩි අනතුරු අගවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 21, 2021

අගෝස්තු-සැප්තැම්බර් වෙද්දී රට පුරා මිනී කදු ගොඩගැසේවි..- රට වසා දමන්නැයි දැඩි අනතුරු අගවයි !

පවතින වසංගත ව්‍යාප්තිය හමුවේ රට හුදෙකලා කිරීමක් සිදු නොකළ හොත් ගෝස්තු සැප්තැම්බර් මාස වන විට මිනී කඳු රට පුරා ගොඩගැසුණු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි. එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ පවතින වසංගත තත්ත්වය මත තවත් සති 3කට වත් රට තුළ දැඩි සංචරණ සීමා පැනවිය යුතු බවයි.

වසංගත ව්‍යාප්තිය ට මුවා වී ඇතැම් වෘත්තීය සමිති තම ධූර කාල දීර්ඝ කර ගැනීමට කටයුතු කරමින් ඇති බවත් එය වැරැදි පූර්වාදර්ශයක් බවත් ඒ මහතා කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කළේ නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad