බංකු පද්ධතිය කඩා වැටීමේ තත්වයක.. ජනතාවගේ මුදල්වලට මොකද වෙන්නේ ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 21, 2021

බංකු පද්ධතිය කඩා වැටීමේ තත්වයක.. ජනතාවගේ මුදල්වලට මොකද වෙන්නේ ?

ඉන්ධන මිල ඉහළ නොදැම්මේ නම් මෙරට බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් ඇති බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන දෙදෙනාම තහවුරු කර ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

ඔහු විමසා සිටින්නේ බැංකු පද්ධතිය කඩා වැටීමේ අවදානමක් තිබේ නම් ඒවායේ තැන්පත් කර ඇති ජනතාවගේ තැන්පතු මුදල් වලට කුමක් වන්නේදැයි රජය පැහැදිලි කළ යුතු බවයි.

මෙම ආර්ථික තත්ත්වය පාලනය කරගත නොහැකි නම් එය කළ හැකි පිරිසකට භාර දෙන ලෙසත් නොඑසේ නම් ආණ්ඩුවට ගෙදර ගොස් වෙනත් කණ්ඩායමකට රට භාර දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad