කොරෝනා පැතිරුනේ නුවරඑලි ‘වසන්ත උදානය’ නිසා.. පැවැත්වූ අය වගකිව යුතුයි.. සෞඛ්‍ය ප‍්‍රධානියා එපා කිවුවා - ආනන්ද විජේවික‍්‍රම - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 20, 2021

කොරෝනා පැතිරුනේ නුවරඑලි ‘වසන්ත උදානය’ නිසා.. පැවැත්වූ අය වගකිව යුතුයි.. සෞඛ්‍ය ප‍්‍රධානියා එපා කිවුවා - ආනන්ද විජේවික‍්‍රම

පසුගිය අලුත් අවුරුදු සමයේ නුවර එළියේ වසන්ත උදානය අවුරුදු සැණකෙළිය නොපවත්වන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වරයා පැහැදිලිවම දැනුම් දී තිබූ බව කොළශ අයි ඩී එච් රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි. නමුත් එම උපදෙස් නොතකා එම සැණකෙළිය පැවැත්වූ බවත් වෛරසය පැතිරී යාමට විශේෂයෙන්ම එය මුල් බවත් අද වන විට නුවරඑලියේ පමණක් ආසාදිතයන් 80ක් පමණ මිය ගොස් ඇති බවත් ඒ මහතා පැවසීය.

පවතින වෛරස් ව්‍යාප්තියට එම සැණකෙළිය පැවැත්වූ අය වගකිව යුතු යයිද ඒ මහතා සඳහන් කළේය.

සංචරණ සීමා ලිහිල් කල පසු ජනතාව එයාකාරයෙන්ම කටයුතු කළොත් රට තුල දැඩි අර්බුධකාරී තත්වයක් උද්ගත වනු ඇතැයිද ඔහු පැවසීය.

විශේෂයෙන්ම කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති තත්ත්වයක් තුළ එලෙස හැසිරීමට ගියහොත් ශ්‍රී ලංකාව විශාල අනතුරකට පත්ව ඇතැයි ද ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad