ක‍්‍රීඩා අමාත්‍යංශයේ ‘ජිම් කට්ටල’ ටෙන්ඩර් මගිඩියක්… - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 19, 2021

ක‍්‍රීඩා අමාත්‍යංශයේ ‘ජිම් කට්ටල’ ටෙන්ඩර් මගිඩියක්…

ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයට (ජිම්) උපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතවී ඇතැයි වාර්තා වේ.

මෙම ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කළ ආයතන දෙකේම ටෙන්ඩර් ලිපිගොනුවල අඩුපාඩු ඇති බවත් වැඩි මිල ගණන් ඉදිරිපත් කළ සමාගමෙන් භාණ්ඩ මිලදී ගැනීමට සූදානම් වන බවත් වාර්තා වේ.

එ සඳහා පත් කළ තාක්ෂණික කමිටුවේ නිලධාරීන් කිහිප දෙනෙක්ම ඉහළ මිල ගණන් ඉදිරිපත් කළ සමාගමෙන් මිලදී ගැනීමට විරෝධය පළ කරන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ආයතන දෙකෙන් එක සමාගමක් රුපියල් කෝටි 7.4 ක මිලක් ද, අනෙක් සමාගම රුපියල් කෝටි 6.6 ක මිලක්ද ඉදිරිපත් කළ ඇති බව දැනගන්නට තිබේ.

– lankadeepa

No comments:

Post a Comment

Post Bottom Ad