ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයා ගුවන් සේවයක් අරඹයි.. දේශපාලඥයෙක් පසුපස… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 20, 2021

ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයා ගුවන් සේවයක් අරඹයි.. දේශපාලඥයෙක් පසුපස…

පොළාන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු නව ගුවන් සේවයක් ආරම්භ කර ඇත. රත්න ඒවියේෂන් නමින් හැඳින්වෙන නව ගුවන් සේවාවේ ප්‍රචාරක කටයුතු මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ දියත්කර තිබේ.

රොබින් වර්ගයට අයත් හෙලිකොප්ටර් යානයක් මේ සඳහා යොදවා ඇතැයි වාර්තා වෙයි. රුපියල් කෝටි 12ත් 16ත් අතර විවිධ මිල ගණන් යටතේ මෙම වර්ගයේ හෙලිකොප්ටර් යානා අලෙවි කෙරේ.

පො‍ළොන්නරුවේ ව්‍යාපාරිකයා මෙම හෙලිකොප්ටරය මිලට ගෙන ඇත්තේ රත්මලාන ගුවන් තොටුපොළේ සිට ගුවන් සේවා පවත්වාගෙන යන වෙනත් පෞද්ගලික ගුවන් සේවා සමාගමකිනි. එහි අප්‍රකාශිත හිමිකරු වත්මන් රජයේ ඉහළ තනතුරක් දරන දේශපාලනඥයකු බවද කියැවේ.‍

කෙසේ වෙතත් පො‍ළොන්නරුව සහල් ව්‍යාපාරිකයා සිය පුත්‍රයාගේ මංගල්‍ය උත්සවයට මෙම යානය තම අයිතිය යටතේ ගුවන්ගත කර ඇත.

ඒ අතර ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අන්තර්ජාලය ඔස්සේ විශේෂ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම හෙලිකොප්ටරයේ හිමිකරු තමන් බවට පැතිර යන ආරංචි අසත්‍ය බවයි.

– deshaya

No comments:

Post a Comment

Post Bottom Ad