විමලුත් හොඳට කළා තමයි, මම වඩාත් හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා - මහින්දානන්ද පොස්පේට් ගැන කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 19, 2021

විමලුත් හොඳට කළා තමයි, මම වඩාත් හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා - මහින්දානන්ද පොස්පේට් ගැන කියයි

ලංකා පොස්පේට් සමාගම විමල් වීරවංශ මහතාගේ අමාත්‍යාංශයෙන් ඉවත් කර තමන් යටතට පැවරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකළේය.

"මේකට මූලික හේතුව විදියට මම විශ්වාස කරන්නෙ ලංකා පොස්පේට් ආයත්නය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තමයි පහුගිය කාලෙ තිබුණෙ. මේ වෙනකොට රජය කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙලක් වෙලා ඉන්න වෙලාවෙ මේ පොස්පේට් නිෂ්පාදනය අපට ඉතාමත්ම වටිනවා. ඒ වගේම ගරු විමල් වීරවංශ මැතිතුමා මේකෙ විශාල කාර්යභාරයක් ඉටු කරලා තිබුණා. ඒ සියල්ලත් ගොනු කරගෙන ඉතාම කඩිනමින් අපේ රටේ පොස්පේට් නිෂ්පාදනය කිරීමේ වැඩකටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (19) නාවලපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

No comments:

Post a Comment

Post Bottom Ad