ගම්මන්පිලට අස්වෙන්න කිවුවාට මං අස්වෙන්නෙ නෑ.. පක්‍ෂ නායකයන්ට කරුණු පැහැදිලි කරනවා..- පොහොට්ටු ලේකම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 20, 2021

ගම්මන්පිලට අස්වෙන්න කිවුවාට මං අස්වෙන්නෙ නෑ.. පක්‍ෂ නායකයන්ට කරුණු පැහැදිලි කරනවා..- පොහොට්ටු ලේකම්

තමන් විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පිළිබඳව නිකුත් කළ මාධ්‍ය නිවේදනය ගැන ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ හමුවේදී කරුණු පැහැදිලි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතාද තමාගෙන් කරුණු විමසූ බවද පැවසූ ඔහු ඒ අනුව ඉදිරි සතියේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් ගේ හමුවේ දී කරුණු පැහැදිලි කිරීමක් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා තමන්ට උපදෙස් දුන් බවද පැවසීය.

කෙසේ නමුත් තමන් ගෙන් මේ පිළිබඳ බැසිල් රාජපක්ෂ මහතා මෙතෙක් විමසීමක් නොකළ බව ද පැවසූ ඔහු මෙම නිවේදනය නිකුත් කිරීම නිසා තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමේ උවමනාවක් නැති බවද තවදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad