ඉන්දීය ප‍්‍රභේදයෙන් සෞඛ්‍ය ලොක්කන් කැළඹේ ! තව දුරටත් රට වසා දමන්නම වෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 17, 2021

ඉන්දීය ප‍්‍රභේදයෙන් සෞඛ්‍ය ලොක්කන් කැළඹේ ! තව දුරටත් රට වසා දමන්නම වෙයි !

ඉන්දියාවේ පැතිරී යමින් ඇති කොරෝනා ප්‍රභේදයේ හේතුවෙන් දැනට ක‍්‍රියාත්මක සංචරණ සීමා තව දුරටත් ක්‍රියාත්මක කළ යුතු බවට සෞඛ්‍ය අංශවල දැඩි සාකච්ඡාවක් ඇති වී තිබේ.

අප වෙත අදහස් පල කල සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහලම ප‍්‍රකාශකයෙක් කියා සිටියේ කුමන තත්වයක් යටතේ වුවද මේ මොහොතේ තව දුරටත් රට වසා දැමීම අනිවාර්යය බවය.

ඊට හේතු විය යුත්තේ මෙම වෛරස ප්‍රභේදය ව්‍යාප්ත වීමක් සහ අසාධ්‍ය වීම ඉතා ඉහළ තත්වයක පැවතීමයි.

එමෙන්ම දැනට භාවිතා වන කොරෝනා මර්දන එන්නත් වලට ප්‍රතිචාර දැක්වීම ද අනෙක් ප්‍රභේදවලට වඩා යම් මට්ටමක අඩුවක්ද පෙන්නුම් කර ඇත.

මෙම ප්‍රභේදය සඳහා එන්නත් මාත්‍රා දෙකම ලබා ගත යුතු බවද දැනට සිදුකර ඇති පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.

මෙම තත්ත්වය මත පවතින සීමා තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

උපුටා ගැනීම : lankacnews


No comments:

Post a Comment

Post Bottom Ad