මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නැවැත්වූ බවට ඇමති ප්‍රසන්නගේ ප්‍රකාශය අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 14, 2021

මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නැවැත්වූ බවට ඇමති ප්‍රසන්නගේ ප්‍රකාශය අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරයි

පසුගිය දිනයේ දී මධ්‍යම අධිවේගි මාර්ගයේ ගම්පහ කොටසේ ඉදි කිරීම් කටයුකු තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරන බව මහ මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කර සිටියේ මධ්‍යම අධිවේගි මාර්ගයේ ගම්පහ කොටසේ ඉදි කිරීම් කටයුකු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
සංචාරක අමාත්‍යවරයා තවදුරටත් කරුණු දක්වමින් සඳහන් කර සිටියේ මෙම ඉදි කිරීම් නිසා මධ්‍යම පළාතේ ප්‍රදේශ කිහිපයක් ගං වතුරින් යට වි ඇති බව සහ ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීමේ සැලැස්ම නැවත තක්සේරු කරන බවයි.

කෙසේ නමුත් අද දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් නිවේදනයක් නිකුත් කරමින් මහ මාර්ග අමාත්‍යංශය සඳහන් කර සිටියේ මේ දක්වා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කී පරිදි කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.

මහ මාර්ග අමාත්‍යංශයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය,


No comments:

Post a Comment

Post Bottom Ad