මන්ත්‍රී වාහන වෙනුවට ගිලන්රථ ගේන්න - හර්ෂ රජයෙන් ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 14, 2021

මන්ත්‍රී වාහන වෙනුවට ගිලන්රථ ගේන්න - හර්ෂ රජයෙන් ඉල්ලයි

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මන්ත්‍රී වාහන වෙනුවට ගිලන්රථ ගේන්න. එයයි, මේ මොහොතේ අවශ්‍යතාවය.

ජීවන වියදම දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීමට අසමත් වූ ආණ්ඩුව රට මහා ආර්ථික හා සමාජ අර්බුදයක් කරා තල්ලු කරමින් සිටී. මරණ බියෙන් තැතිගත් ජනතාව ජීවත්වන්නට බලාපොරොත්තුවක් අයදමින් සිටින අවස්ථාවක ආණ්ඩුව කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීම නොවේ.

ඒ සියලු මුදල් කොව්ඩ් වසංගතය පරාජය කිරීමට සහ ජනතා සහන වෙනුවෙන් යෙදවීමයි. මේ නිසා, ජනතාවාදී විපක්ෂය ලෙස මා මීට දින තුනකට පෙර පැවසූ පරිදිම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මහජන මුදල් වලින් වාහන ආනයනය කිරීමේ ආණ්ඩුවේ යෝජනාව වහාම නතර කරන ලෙසයි. එම මුදල්ද ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් යොදවන ලෙසත් රට සහ ජනතාව කෙරෙහි මෙයට වඩා සැබෑ ආදරයකින් කටයුතු කරන ලෙසත් සමගි ජන බලවේගය මේ අවස්ථාවේ ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.

මෙම වාහන ආනයනය වෙනුවෙන් විවෘත කළ ණයවර ලිපි අවලංගු කිරීමට බැරිම නම් මෙම වාහන වෙනුවට 1990 සුවසැරිය සඳහා හදිසි අවශතාවයක් සේ සලකා ගිලන් රථ 112 ක් ගෙන්වීමට පියවර ගන්නා ලෙස මා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මහජන මුදල් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා භාවිතා නොකළ යුතුයි.

– හර්ෂ ද සිල්වා, පා.ම.


No comments:

Post a Comment

Post Bottom Ad