දුමින්දට සමාව දුන්නේ නීතියට අනුවද? කොළඹ නීතීඥ සංගමයට ප්‍රශ්නයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 29, 2021

දුමින්දට සමාව දුන්නේ නීතියට අනුවද? කොළඹ නීතීඥ සංගමයට ප්‍රශ්නයක්!

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී  අත්තනෝමතික සහ තෝරගත් පරිදි  ක්‍රියාත්මක නොකළ යුතු බව කොළඹ නීතිඥ සංගමය (කලම්බු ලෝ සොසයිටි) නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපති සමාව සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ පැහැදිළිව සඳහන් කර ඇති බවත් ජනාධිපතිවරයා අදාල බලතල ක්‍රියාත්මක කළ යුත්තේ ප්‍රඥාවන්ත සහ විචාරශීලි බවත් එම සංගමය සඳහන් කර සිටී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව දීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නීති අනුගමනය කළේ ද යන්න දැන ගැනීමට ජනතාවට අයිතිය ඇති බව ද සංගමය කියයි.


No comments:

Post a Comment

Post Bottom Ad