රසායනික පොහොර ඉල්ලලා ජනතාව කුලප්පු කරන්නේ මාධ්‍ය මාෆියාවන් - ප්‍රසන්න රණවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 29, 2021

රසායනික පොහොර ඉල්ලලා ජනතාව කුලප්පු කරන්නේ මාධ්‍ය මාෆියාවන් - ප්‍රසන්න රණවීර

මේ වනවිට රසායනික පොහොර ඉල්ලා ජනතාව කුලප්පු කරමින් සිටින්නේ මාධ්‍ය මාෆියාවන් විසින් බව මැටි කර්මාන්ත හා වේවැල් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අවධාරණය කරයි. 

"අද රසායනික පොහොර ඉල්ලලා නොයෙකුත් මාධ්‍ය මාෆියාවල් තමයි මේවා සිදුකරන්නේ, මිනිස්සු කුලප්පු කරන්නේ. ඔය පොහොරවල විශාල ගැහිලි අපි දන්නවා. මගෙ ගමේ තමයි පොහොර කර්මාන්තශාලා දෙකම තියෙන්නෙ. ඒ නිසා අපි දන්නවා මේකට මේ හිස ඔසවන්න දෙන්නෙ නෑ. කාබනික පොහොරවලට හිස ඔසවන්න දෙන්නෙ නෑ ඒ මාෆියාවල්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

මැටි කර්මාන්ත හා වේවැල් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (29) මතුගම ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad