බැසිල්ට සියලු අමාත්‍යංශ පාලනය කරන බලවත් අමාත්‍යංශයක් – ශෂීන්ද‍්‍ර - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 29, 2021

බැසිල්ට සියලු අමාත්‍යංශ පාලනය කරන බලවත් අමාත්‍යංශයක් – ශෂීන්ද‍්‍ර

වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ කොහොමත් පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

සෑම අමාත්‍යාංශයකටම වැඩපිළිවෙළක් සකස් කර එය අධීක්ෂණය කරන ලද්දේද ඒ මහතා බව අමාත්‍යවරයා පැවසීය.

එනිසා පාර්ලිමේන්තුවට පිවිස එම කාර්යභාරය කරන්නැයි බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීමක් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතාට ලැබිය යුත්තේ සියලු අමාත්‍යංශවලට මැදිහත්විය හැකි බලයක් සහිත අමාත්‍යංශයක් බවත් ඒ හරහා ලොකු වැඩක් කළ හැකි වනු ඇති බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad