ආණ්ඩුවේ ලොක්කන් රැසක් දොට්ට! ජනපතිගේ රතු කට්ට පනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 15, 2021

ආණ්ඩුවේ ලොක්කන් රැසක් දොට්ට! ජනපතිගේ රතු කට්ට පනී

වැඩ නොකරන ආණ්ඩුවේ ලොකු පුටු රැසක පුද්ගලයින්ට එම තනතුරු අහිමි වීමේ අවදානමක් තිබෙන බව වාර්තා වනවා.

අමාත්‍යාංශවල සංවර්ධන වැඩවලට උනන්දුවක් නොදක්වන හා සහායක් නොදක්වන අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන් වහාම ඉවත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ඇමැතිවරුන්ට දැනුම් දී තිබෙනවා.  

මෙම ප්‍රධානීන් බො​හොමයක් සංචරණ සීමා යොදා ගනිමින් නිවසේ සිටින අතරම කිසිදු රාජකාරි කටයුත්තක් නොකරන බවටත් එහෙත් සියලු දීමනා නොඅඩුව ලබා ගන්නා බවටත් ඇමැතිවරුන් ගණනාවක් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් සලකා බලා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාළ පත්වීම් කරනු ලැබුවේ තමන් විසින් වුවත්, රටේ හා අමාත්‍යාංශයේ දියුණුවට සංවර්ධනයට ක්‍රියා නොකරන සියලු නිලධාරීන්ගේ තොරතුරු තමන්ට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. 

ඒ සියලු නිලධාරීන් කෙතරම් සමීප හිතවතුන් වුවත් ඔවුන් ඉවත් කර ඒ සඳහා වෙනත් සුදුස්සන් පත් කරනු ලබන බව ජනාධිපතිවරයා තරයේ ප්‍රකාශ කර තිබෙන බවයි ආරංචි මාර්ග පැවසූවේ.  

උපුටා ගැනීම : asianmirror


No comments:

Post a Comment

Post Bottom Ad