ගම්මන්පිලට උත්තර දෙන්න අද තියන්න ගිය පොහොට්ටු මාධ්‍ය හමුව කැන්සල් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 13, 2021

ගම්මන්පිලට උත්තර දෙන්න අද තියන්න ගිය පොහොට්ටු මාධ්‍ය හමුව කැන්සල් !

අද (14) පෙරවරුවේ පැවැත්වීමට සූදානම් කොට තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුව අවලංගු කිරීමට එම පක්ෂය කටයුතු කොට ඇත.

මෙම මාධ්‍ය හමුවට සහභාගී වීමට නියමිතව තිබුණේ පසුගිය දවස්වල මහත් ආන්දෝලනයකට තුඩු දී සිටි පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතාය.

තෙල් මිල ඉහළ නැංවීමට ආණ්ඩුව තීන්දු කිරීමත් සමග පොහොට්ටු මහලේකම්වරයා නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එහි වගකීම බාරගෙන බලශක්ති අමාත්‍ය උදය ගම්ම්න්පිල මහතා ඉවත් විය යුතු යැයි කියාය.

නමුත් ඊයේ දිනයේදී ඊට ප්‍රතිචාර දක්මින් ගම්මන්පිල මහතා ප්‍රකාශ කොට සිටියේ අදාළ තීන්දුව ගත්තේ තමන් තනිවම නොව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ආණ්ඩු දැනුවත්ව යැයි තියාය.

එමෙන්ම සාගර කාරියවසම් මහතාට අභියෝගයක් එල්ල කිරීමටද එහිදී ගම්මන්පිල මහතා පියවර ගෙන තිබිණ.

ඒ අනුව ඊට පිළිතුරු දීම සදහා අද මෙම මාධ්‍ය හමුව සාගර කාරියවසම් මහතා කැදවා තිබුණද මේ වනවිට එය අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

ඉහළින් ලද උපදෙස් අනුව මෙම හමුව අවලංගු කොට ඇති බවද දැනගන්නට තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad