ඇතුළේ ඉඳන් ආ මොරටු නගරාධිපතිගෙන් ‘දැන් සැපද’ කියා ඇසූ පුද්ගලයාට වෙච්ච දේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 17, 2021

ඇතුළේ ඉඳන් ආ මොරටු නගරාධිපතිගෙන් ‘දැන් සැපද’ කියා ඇසූ පුද්ගලයාට වෙච්ච දේ !

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මොරටුව නගරාධිපතිවරයා ඇප මත නිදහස් වී පැමිණි පසු පුද්ගලයෙකු විසින් නගරාධිපතිවරයාට දුරකථන ඇමැතුමක් ලබා දී “දැන් සැපදැයි” විමසමින් පැමිණි දුරකථන ඇමතුමක් පිළීබදව මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු විසින් මොරටුමුල්ල පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙනෙ ඇති පුද්ගලයා නගරාධිපතිවරයා සමග මින් පෙර ආරවුලක් ඇති කරගත් පුද්ගලයකි.

මේ සම්බන්ධයෙන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින අතර නගරාධිපතිවරයාට කිසිදු තර්ජනයක් සිදු නොකළ යුතු යැයි සැකකරුට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක්ද නිකුත් කර තිබී ඇත.

නගරාධිපතිගේ පැමිණිල්ලට අනුව මොරටුමුල්ල පොලීසිය මෙම දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා පිළිබඳව දුරකථන වාර්තාවක් ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඒ අනුව කළ විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.


No comments:

Post a Comment

Post Bottom Ad