රඟපාලා විතරක් අද කාලේ ජීවත්වෙන්න බෑ - නයනා කුමාරි කියන අමුතු කතාව | Gossip Chat with Nayana Kumari [PHOTOS] - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 21, 2021

රඟපාලා විතරක් අද කාලේ ජීවත්වෙන්න බෑ - නයනා කුමාරි කියන අමුතු කතාව | Gossip Chat with Nayana Kumari [PHOTOS]

රඟපාලා විතරක් අද කාලේ ජීවත්වෙන්න බෑ
- නයනා කුමාරි

කලා ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට අලුත් අය එනවා, යනවා. නමුත් ප්‍රේක්ෂකයන් අතර හැමදාමත් රැඳෙන්න පුළුවන් වෙන්නේ එහෙමත් කෙනකුට පමණයි. 

ඒ කිහිප දෙනා අතරින් තවමත් ප්‍රේක්ෂකයින් ගේ හදවත් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පිනියක් සිටිනවා. ඒ ප්‍රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරි. ඇය අදටත් අපේ හදවතේ රැඳිලා ඉන්නවා .
‘සලෙලුවරම’, ‘සිහිනය දිගේ එන්න’, ‘රූපාන්තර’ වැනි සිනමාපට හරහා ඇය ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත්තා. කොහොම වුනත් නයනා මේ දිනවල වැඩිය දකින්න ලැබුනේ නෑ. කොහොම වුනත් දැන් නයනා ඉන්නේ සැලෝන් ක්‍ෂේත්‍රයේ. ලංකාවේ බොහොමයක් නිලියන් සැලෝන් ක්‍ෂේත්‍රයට එනවා ඉතින් ඒ පිලිබඳ නයනා කිවුවේ මේවගේ කතාවක් ”ඔව්. දැන් ගොඩක් අය මේ ක්‍ෂේත්‍රයට එනවා මොකර රංගන ශිල්පිනියන්ට රඟපෑමෙන් විතරක් දැන් කා‍ලේ ජීවත් වෙන්න බැහැනේ.” කියලයි.

කොහොම වුනත් නයනා මේ වනවිට ඇයගේ සැලෝන් එක කිහිප තැනකටම මාරුකරලා තියෙනවා ඒකට හේතුව විදියට ඇය කියන්නේ මේ වගේ කතාවක් ” ඒකට හේතුව මේකයි මම මහරගම සැලෝන් එක කරපු තැන මාසෙක රෙන්ට් එක විතරක් රුපියල් 80,000ක් වෙනවා. ඉතින් ඒ ගාන අමාරු නැද්ද? අනිත් එක වැඩ කරන ළමයි පස්දෙනෙක් ඉන්නවා. A/C මැෂින් හතරක් වැඩ කළා. ඉතින් ඔය ඔක්කොටම මට මාසෙට ලක්ෂ හතරකට වඩා වැඩිය වියදම් කරන්න වෙනවා. අන්න ඒ නිසයි මම මහරගමින් යන්න තීරණය කළේ. එහෙම නැතුව වෙන හේතුවක් නෙවෙයි” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන නයනා කුමාරිගේ අපූරු පින්තූර කිහිපයක් තමයි මේ.


No comments:

Post a Comment

Post Bottom Ad