අලුත් වාහනයක් ගත්තාම මොකද? දේශපාලකයන් දිහා ඔහොම වෛරයෙන් බලන්න එපා! ඇමැති ගොඩහේවා ජනතාවට කියයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, June 14, 2021

අලුත් වාහනයක් ගත්තාම මොකද? දේශපාලකයන් දිහා ඔහොම වෛරයෙන් බලන්න එපා! ඇමැති ගොඩහේවා ජනතාවට කියයි - (video)

දේශපාලනඥයන් දෙස වෛරයෙන් නොබලන ලෙසත් ඇතැම් දේශපාලඥයින් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ බස් රථයෙන් බවත් තමන් දිනකට කිලෝ මීටර 100ක් පමණ ගමන් කරන බවත් නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොවිඩ් වසංගතය මධ්‍යයේ ජනතාව අපහසුතාවයට පත්ව සිටියදී අමාත්‍යවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

අමාත්‍යවරයෙක් හට වාහන 3කට හිමිකම් ඇති බවත් තමා හට තවමත් ඇත්තේ එක් වාහනයක් පමණක් බවත් එලෙස ආනයනය කරන වාහනයක් තමන් ලබා ගැනීමේ කිසිඳු වරදක් නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad