සුදු වෑන් පැහැර ගැනීමක්.. හමුදාවේ 04ක් අත්අඩංගුවට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 4, 2021

සුදු වෑන් පැහැර ගැනීමක්.. හමුදාවේ 04ක් අත්අඩංගුවට..

ඉකුත් 30 වන දින නොරෝච්චෝල ප්‍රදේශයේ දී සුදු වෑන් රථයකින් පැමිණ පුද්ගලයකු පැහැර ගෙන ගොස් පහර දී මහ මඟ දමා යාම සිදුවීම පිළිබඳව යුද හමුදා කපිතාන්වරයෙකු ඇතුළු හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ යුධ හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන නොරොච්චෝලේ පොලිසියට භාරදී ඇති බවයි.

එම හමුදා නිලධාරීන් පිරිස කල්ලාර් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පිරිසක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙරද හමුදා හමුදා සෙබළකු අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිසිය පවසන්නේ පුද්ගලික ආරවුලක් මත මෙම සිදුවීම සිදුව ඇති බවය.

No comments:

Post a Comment

Post Bottom Ad