15 හැවිරිදි දැරිය අපයෝජනය ගැන වැඩිදුර කතා කිරීම නඩුවට අවාසියක් විය හැකියි - ඇමති කෙහෙළිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 13, 2021

15 හැවිරිදි දැරිය අපයෝජනය ගැන වැඩිදුර කතා කිරීම නඩුවට අවාසියක් විය හැකියි - ඇමති කෙහෙළිය

අවුරුදු 15ක දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඒ පිළිබඳ වැඩිදුර කතාබහ කිරීම අදාළ නඩු නිමිත්ත ගොනු කිරීමේදී සහ නඩුව විභාග කිරීමේදී අවාසි සහගත වියහැකි බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 

ප්‍රශ්නය - මේ අවුරුදු 15 දැරිය අපයෝජනයට ඉහළ පැළැන්තියේ අය සම්බන්ධ වෙලා තියෙනවා. රජය මොකක්ද මේ සම්බන්ධව දරණ මතය ? ඒ අය ගැන වැඩිය කතාබහට ලක්වෙන්නෙ නෑ. සල්ලි තියෙන අයට වෙනම නීතියක් කියලා කතාබහක් සමාජයේ තියෙනවා, මොකක්ද ඒ අය සම්බන්ධව ක්‍රියාත්මක වෙන නීතිය ? 

"ඔබතුමා සඳහන් කළේ විශේෂයෙන්ම අර විශාල ආන්දෝලනයකට ලක්වෙච්ච අඩු වයස්කාර, එහෙම නැත්නම් වසර 15ක දැරියක්ගේ ප්‍රශ්නය. ඉතාම සංවේදී කරුණක්. මගේ මතය සහ මං හිතනවා, මං බලාපොරොත්තු වෙනවා නීතියේ ප්‍රතිපාදන අකුරටම ක්‍රියාත්මක කළ යුතුයි, ඒ වැඩපිළිවෙල ඒ ඔස්සේ වෙනවායි කියන එකයි අපේ දැනුම දැනට. නමුත් පෙළක් දේවල් තියෙනවා යම් යම් විදිහේ කරුණු ඉදිරිපත් කරලා එයට තියෙන නීතිමය පසුබිමේ දියාරු වෙන තත්වයකට පත්කරන්න හොඳ නැහැයි කියන මතයේ ඉන්නවා. මම දන්නවා එහෙම අපි දැන් පෙළක් වෙලාවට යම් යම් දේවල් ප්‍රකාශ කිරීමම ඒ නඩු නිමිත්තක් ගොනු කිරීමට තියෙන අවකාශය සහ නඩු නිමිත්තක් ගොඩනැඟුවට පසුව ඒ සම්බන්ධව වාද විවාද තර්ක විතර්ක ගේනකොට අවාසිදායක තත්වයකට පත්වෙන්නට පුළුවන් කියන එකයි මගේ දැනුම. 

එනිසා අපි විශ්වාස කරනවා මේක එහෙම කාපට් එක යටට දාන්න බැහැ. එහෙම නැත්නම් මේක එහෙම අතුගාලා පැත්තකට දාන්න බැහැ. මේ සම්බන්ධව රටේ මතයක් ගොඩනැගිලා තිබෙනවා, ඒ වෙනුවෙන් කරුණු ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ කරුණු වගේම මම කියන්නට ඕනෙ දැන් මම දන්නවා යම් වෛද්‍යවරයෙක් ගැන කතා කරපුවාම තව වෛද්‍යවරයෙක්ගේ නමක් දාලා තමන්ගෙ තරහා සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් කරනවා. ඒවගේ ප්‍රශ්නත් තියෙනවා මේවායේ. එනිසා මේ හැම දෙයක්ම සත්‍යය කියලා ගණන් ගන්නත් බැහැ. හැබැයි ඒ කරලා අසත්‍යයයි කියලා බැහැර කරන්නත් බැහැ. 

එනිසා ගන්න පුළුවන් සෑම ක්‍රියාමාර්ගයම ගන්නවා. මම විශ්වාස කරනවා නීතියේ තියෙන ඉහළම ප්‍රතිපාදන සහ සම්පූර්ණ ප්‍රතිපාදන පාවිච්චි කරලා මෙවැනි දේවල් නැවත නොවෙන්න අඩු ගාණෙ වැළැක්වීමට අඩු ගාණෙ මේ සම්බන්ධව යම්කිසි විදිහේ දැනුවත් කිරීමක් එහෙම නැත්නම් මේ වැනි දේවල් රහසිගතව කළ නොහැකියි කියන මතයවත් ඉදිරිපත් වෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙයි කියලා අවංකවම පෞද්ගලිකවම මම විශ්වාස කරනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 


 
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad