ජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා ගෙදර යවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 16, 2021

ජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා ගෙදර යවයි

මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා අද සවස නිදහස් කර තිබේ.

ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස අද රාත්‍රීයේම යුද හමුදාවට අයත් බස් රථවලින් කොළඹට රැගෙන ඒමට නියමිතය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේදී ඉකුත් අට වැනි දා උ ද්ඝෝෂණයක නිතර වූ ස්ටාලින් මහතා ඇතුළු පිරිස පොලිස් අත්අඩංගුවට පත්විය.

අධිකරණයෙන් ඇපමත මු දාහැරීම පසුව පොලිසිය ඔවුන් මුලතිව් පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානට යොමු කර තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad