බදියුදීන් නිවසේ මියගියේ බාලවයස්කාරියක් නොවේ.. 16 පිරුණු තරුණියක්.. දුෂණයක් වුණත් මියගොස් නිසා නීතියක් නෑ.. සිය දිවි නසාගත් බව ඇයම කීවා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 29, 2021

බදියුදීන් නිවසේ මියගියේ බාලවයස්කාරියක් නොවේ.. 16 පිරුණු තරුණියක්.. දුෂණයක් වුණත් මියගොස් නිසා නීතියක් නෑ.. සිය දිවි නසාගත් බව ඇයම කීවා..

රිෂාඩ් බදුයිදීන් මහතාගේ නිවසේ දී මියගිය දැරියගේ වයස අවුරුදු පහලවක් ලෙස මාධ්‍ය වාර්තා කළ ද ඇය බාලවයස්කාරියක් නොව වයස අවුරුදු 16ක තරුණියක් බව නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කරයි.

තමන් විසින් සිරුරට ගිනි තබා ගත් බව ඇය මරණාසන්න ප‍්‍රකාශය ලෙස වෛද්‍යවරයා වෙත ප්‍රකාශ කර ඇතැයි ද ඔහු පවසයි.

මියගිය තැනැත්තියගේ මරණාසන්න ප්‍රකාශය සාක්ෂි බවට පත්වන බවත් ඉන් එහාට ගොස් නැවත පරීක්ෂණ කිරීමේ හැකියාවක් නැති බවද ඒ මහතා පෙන්වා දෙයි.

මෙම නඩුවේ ස්වභාවය අනුව එම මරණය සියදිවි නසාගැනීමක් බවද ඔහු සඳහන් කළේය.

ඇයට දුෂණයක් හෝ ලිංගික බලපෑමක් වී තිබුණද ඇය මියගොස් ඇති නිසා ඒ සම්බන්දයෙන් නීතිය ක‍්‍රියාත්මක කල නොහැකි බවත් ඔහු කියා සිටී.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී

No comments:

Post a Comment

Post Bottom Ad