අද සවස 3ට සජිත්-කරු එක වේදිකාවකට එයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 16, 2021

අද සවස 3ට සජිත්-කරු එක වේදිකාවකට එයි !

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කරු ජයසූරිය මහතා අතර මුහුණට මුහුණ හමුවක් අද සවස සිදුවීමට නියමිතය.

ඒ, සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ උත්සවයකදීය.

අද සවස 3ට ‌නාරාහේන්පිට පිහිටි ජානකී හෝටලයේදී මෙම උත්සවය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා සහ කරු ජයසූරිය යන මහත්වරුන් අතර මෙවැනි හමුවක් පැවැත්වෙන්නේ පළමු වතාවටය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම අරමුණු කොටගෙන මෙම උත්සවය පැවැත්වීමට සැලසුම් කොට ඇති බවද දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad