මැතිවරණය ප්‍රකාශයට පත්කළ මොහොතේ සිට තමන්ට දිගින් දිගටම පොලිස් නිලධාරීන්ගෙන් හිරිහැර කරදර සිදුවන බවත්,තම බිරිය හා පුතණුවන් එයින් ඉතා පීඩාවට පත්ව සිටින හෙයින් ඔවුන්ගේ ජීවිතවල වටිනාකම තේරුම් ගනිමින් මෙම සිදුවීම් තමා දේශපාලනයේ නිරතව සිටීම හේතු කොටගෙන සිදුවන හෙයින් තමා මෙවර එජාප අපේක්ෂත්කවයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය (එජාප) කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (7දා) පැවැසීය.
කළුතර පොලිස් අධිකාරි වෙත තමන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳ පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ මෙම ප්‍රකාශය සිදුකළ තෙවරප්පෙරුම මහතා වැඩි දුරටත් කියා සිටියේ තමන් මේ පිළිබඳව සහකාර මැතිවරණ කොමසාරිස්වරයා හමු වී සාකච්ඡා කරන බවයි.
තමාට කිසි දිනෙක එජාපය සමඟ ගැටලුවක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපයට විරුද්ධව මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ බවත්, තමන්ට සිදුවන මෙම ගැහැටවලට හේතුව සමගි ජන බලවේගය යැයි තමන්ට සිතෙන බවත් ඒ පිළිබඳව අද උදෑසන තමා එජාප නීති ලේකම්වරයා සමඟද සාකච්ඡා කළ බවත් පැවැසීය.
ඊයේ රාත්‍රියේ තම පුතුගේ දානමය පින්කම වෙනුවෙන් සවිකර තිබූ ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට පැමිණි මතුගම පොලිසියේ නිලධාරීන්ගේ තල්ලු කිරීමට ලක් වූ තම බිරිය දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් එම සිද්ධිය පිළිබඳව කළුතර පොලිස් අධිකාරිතුමා වෙත පැමිණිලි කළ බවත් හෙතෙම පැවැසීය.
අගලවත්ත _ ප්‍රභාන් බුලත්සිංහල
Tuesday, July 7, 2020
තෙවරප්පෙරුම ඡන්දෙන් ඉවත් වෙන්න සැරසේ !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment