බැසිල් කැඳවපු කර්මාන්තකරුවන්ගේ රැස්වීම විමල් නෑ! දැනුම් දී තිබියදීත් අම්පාරේ ගිහින්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 15, 2021

බැසිල් කැඳවපු කර්මාන්තකරුවන්ගේ රැස්වීම විමල් නෑ! දැනුම් දී තිබියදීත් අම්පාරේ ගිහින්!

මේ වනවිට අරලිය ගහ මන්දිරයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ රැස්වීමට කර්මාන් අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී වී නොමැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මේ වනවිට වීරවංශ මහතා අම්පාරේ වැඩසටහනකට සහභාගී වෙමින් සිටින බව වාර්තා වේ.

මෙම රැස්වීම සදහා ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 7ක නියෝජිතයන් කැඳවා ඇති බව දැනගන්නට ඇත.

රෙදිපිළි හා ඇඟලුම්, මැණික්, දියමන්ති සහ ස්වර්ණාභරණ, පොල්, සන්නිවේදන තාක්ෂණ, කෑම බීම, විදුලි සහ ඉලෙක්ට්රොනික සහ බෝට්ටු සෑදීම යන ක්ෂේත්‍ර නියෝජනය කරන නියෝජිතයන් මේ සදහා කැදවා ඇති බව දැනගන්නට තිබේ.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, අනෙකුත් විෂය විශේෂිත රාජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, භාණ්ඩාගාරයේ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගු, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය, පොල් සංවර්ධන අධිකාරිය සහ අංශවල සංගම් නියෝජිතයින් මෙම සාකච්ජාවට එක්ව සිටින බව දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad