සරත් වීරසේකරගේ ආයතන ජනපති පවරා ගනී.. ඔහුට ඉතිරි දෙකයි.. ගැසට්ටුව මෙන්න… - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 30, 2021

සරත් වීරසේකරගේ ආයතන ජනපති පවරා ගනී.. ඔහුට ඉතිරි දෙකයි.. ගැසට්ටුව මෙන්න…

අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන දෙකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම පවරා ගැනීම සිදු කර ඇත.

ඒ අනුව සරත් වීරසේකර මහතා යටතේ මෙතෙක් තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාට පැවරී ඇත.

මෙම ගැනීමත් සමග සරත් වීරසේකර මහතාගේ කැබිනට් අමාත්‍යාංශයට ඉතිරි වන්නේ ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පමණි.

අදාළ ගැසට් නිවේදනය මෙසේය.

No comments:

Post a Comment

Post Bottom Ad