ශ්‍රී ලාංකිකයින්ගේ දෙස් විදෙස් කළු සල්ලි එළියට ගෙන ඒම සඳහා බන්ධුලගෙන් බදු විමුක්ති පැකේජයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, July 4, 2021

ශ්‍රී ලාංකිකයින්ගේ දෙස් විදෙස් කළු සල්ලි එළියට ගෙන ඒම සඳහා බන්ධුලගෙන් බදු විමුක්ති පැකේජයක් !

ශ්‍රී ලාංකිකයින් විසින් දෙස් විදෙස් වශයෙන් උපයනු ලදුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොපෙන්වා සඟවාගෙන සිටින මුදල් මෙරට නිශ්චිත ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමේ අවස්ථාව සැලසීම සඳහා  "ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජයක්" ඉතාමත් ඉක්මනින් පාර්ලිමේන්තුවෙහි සම්මත කරගන්නා බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. 

"ඉදිරි කාලයෙදි එනවා "ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජයක්". ඉතාම නුදුරේදී ලංකාවේ පාර්ලිමේන්තුව සම්මත කරනවා නීතියක් මේ වැටිලා තියෙන රට ගොඩනැඟීම සඳහා ස්වජාතිකයින් විසින් දේශීයව හෝ විදේශීයව රැස්කරගෙන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෙළිදරව් නොකර තියෙන මුදල් සියල්ල යම් නිශ්චිත ව්‍යාපෘතිවල ආයෝජනය කරන්න පුළුවන් 1%ක වැනි ඉතාම කුඩා බදු ප්‍රමාණයක් ගෙවලා. එතැන් පටන් ඔවුන්ගේ අතීතයෙන් වෙන්වෙලා අලුත් බදු ලිපිගොනුවක් තමයි ආරම්භ වෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති රැස්වීමක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad