රාජ්‍ය ඇමතිවරයෙක් කප්පම් ගන්නවා.. කප්පම් යුගයක් යලි ඇතිවෙලා.. මං ඉන්නේ කලකිරිලා.. තීන්දුවක් ගන්නවා - ඇමති ප්‍රියංකර - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 15, 2021

රාජ්‍ය ඇමතිවරයෙක් කප්පම් ගන්නවා.. කප්පම් යුගයක් යලි ඇතිවෙලා.. මං ඉන්නේ කලකිරිලා.. තීන්දුවක් ගන්නවා - ඇමති ප්‍රියංකර

ආණමඩුව ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍යවරයකු කප්පම් ගන්නා බවට රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සහභාගී වූ වැඩසටහනකදී චෝදනා එල්ල විය.

රාජ්‍ය ඇමතිවරයකුගේ මැර කල්ලියක් විසින් බොරළු ලොරියකින් රුපියල් 500 බැගින් අය කරන කරමින් සිටින බවද එය පදනමකට කියමින් මෙසේ මුදල් එකතු කරන බවද චෝදනා එල්ල කල පුද්ගලයා පැවසීය.

එහිදී අදහස් පල කරමින් ප‍්‍රියංකර ජයරත්න මහතා පැවසුවේ අද කප්පම් යුගයක් යලි ආරම්බ වී ඇති බව කණගාටුවෙන් වුවද ප‍්‍රකාශ කල යුතු බවය.

තමන් දේශපාලන වශයෙන් කලකිරී සිටින බවත් ළගදීම තීරණයක් ගන්නා බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

ඒ මහතා මේ අදහස් පල කලේ කුඹුක්කඩවල පැවති පොල් පැල බෙදා දීමේ අවස්ථාවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad